දේශීය වෛද්ය ක්ෂේත්රය වඩාත් විධිමත් අයුරින් නියාමනය කිරීම මෙන්ම දේශීය ඖෂධ අපනයනය කිරීම සඳහා නිසි බලපත්ර නිකුත් කිරීමේ අරමුණින්, 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, අදාළ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්ය පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දීමට නියමිතය. ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා යන වෛද්ය ක්රම රැසකින් සමන්විත ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ක්ෂේත්රය නිසි පරිදි නියාමනය කිරීමට, සංවර්ධනය කිරීමට සහ පාලනය කිරීමට මෙම පනතේ විධිවිධාන මූලික වශයෙන් බලපායි.
මෙම ක්ෂේත්රයේ සමස්ත කාර්යයන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම, නියාමන කටයුතු ශක්තිමත් කිරීම, දේශීය ඖෂධ විදේශ රටවලට අපනයනය කිරීම සඳහා විධිමත් බලපත්ර ක්රමයක් හඳුන්වා දීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම යන ප්රමුඛ අපේක්ෂා පෙරදැරි කරගනිමින් මෙම සංශෝධන යෝජනා කර ඇත. සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්ය මණ්ඩලය මෙලෙස ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ.

