දිවයින පුරා ගෑස් බෙදාහැරීම වේගවත් කිරීමට ලිට්රෝ සමාගමෙන් පියවර

0
17

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ඉතා වේගවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.

මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් ප්‍රමාණයක් රැගත් ‘FRANCOIS’ නමැති නෞකාව පෙරේදා දිනයේදී මෙරටට ළඟා වූ අතර, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට සක්‍රියව සිදුවෙමින් පවතී.

ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් සිව්වන නෞකාව වන ‘CORINTHIAN’ නෞකාව ඔක්තෝබර් 22 වන දින මෙරටට පැමිණීමට නියමිත බව සමාගම වැඩිදුරටත් තහවුරු කරයි.

මෙම ගෑස් තොග ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම ස්ථාවර වන අතර, කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළට සුපුරුදු පරිදි අඛණ්ඩව ගෑස් බෙදාහැරීමට හැකිවනු ඇති බව ලිට්රෝ සමාගම පාරිභෝගිකයින් වෙත විශ්වාසය පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here