ජපානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 අයිචි–නගෝයා ආසියානු පැරා ක්රීඩා උළෙලේදී (Aichi-Nagoya 2026 Asian Para Games) ශ්රී ලංකාවට තවත් අභිමානවත් ජයග්රහණයක් අත්කර දෙමින්, ධනංජනා වික්රමසිංහ කාන්තා T47 කාණ්ඩයේ මීටර් 200 අවසන් තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
මෙම අභියෝගාත්මක ඉසව්ව ඉතා විශිෂ්ට අයුරින් නියෝජනය කළ ධනංජනා, තරගය නිමා කිරීමට ගත කර ඇත්තේ තත්පර 25.80 ක කාලයක් පමණි.
ඇය දැක්වූ මෙම දක්ෂතාවය ජාත්යන්තර මට්ටමින් ශ්රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීමට සමත් වූ අතර, තරගාවලිය පුරා ශ්රී ලංකා පදක්කම් සටහන තවත් ශක්තිමත් කිරීමට මෙම ජයග්රහණය විශාල දායකත්වයක් සැපයීය.

