ජපානයේ නගෝයා නුවර උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට පළමු පදක්කම හිමිකර දීමට පිරිමි T47 දුර පැනීමේ ක්රීඩක මොහොමඩ් සහරාන් සමත් වී තිබේ.
එහිදී ඔහු මීටර් 6.55 ක දක්ෂතාවක් දක්වමින් මෙම ලෝකඩ පදක්කම දිනා ගත් අතර, එම ඉසව්වටම එක් වූ ඔහුගේ කණ්ඩායම් සගයන් වන යූසුෆ් සල්මාන් මීටර් 6.28 ක දක්ෂතාවකින් සිව්වන ස්ථානයත්, බුද්ධික හේෂන් මීටර් 6.11 ක දක්ෂතාවකින් පස්වන ස්ථානයත් ලබා ගත්හ.
මෙම ක්රීඩා උළෙලේ ඉදිරි තරග දිනවලදී, F57 කවපෙත්ත විසිකිරීම සහ යගුලිය දැමීමේ අවසන් මූලික තරග සඳහා තීක්ෂණ ජයතිලක එක්වීමට නියමිතය. එපමණක් නොව, සහරාන්, සල්මාන් සහ මධුරංග සුබසිංහ යන ක්රීඩකයින්ද ඔවුන්ගේ අදාළ මීටර් 100 මූලික වටයේ තරග සඳහා ඉදිරියේදී තරග වැදීමට නියමිතව ඇත.

