ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් ලබාදී රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් හිටපු අමාත්ය ප්රසන්න රණතුංගට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 26 වන දින දක්වා කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (ඔක්තෝබර් 20) නියෝග කළේය.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබූ අතර, එහිදී සැකකාර හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සංචාරක අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයන් සඳහා ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්ය රක්ෂණාවරණ ලබාදීමේදී, තැරැව්කාර ආයතනයකට නීතිවිරෝධී වාසියක් සලසා දෙමින් රක්ෂණ සංස්ථාවට මෙම මූල්ය පාඩුව සිදු කර ඇති බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

