එංගලන්තයේ බස් රථ තුළ ඝෝෂාකාරී ලෙස සංගීතය වාදනය කරන සහ ශබ්ද නගා ජංගම දුරකථන භාවිත කරන මගීන්ට පවුම් 100 දක්වා වන දඩ මුදලක් නියම කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පොදු ප්රවාහන සේවාවන් තුළ දිනෙන් දින ඉහළ යන සමාජ විරෝධී හැසිරීම් පාලනය කිරීමේ අරමුණින්, එරට රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මෙම නව දැඩි නීතිමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

