ඥානසාර හිමි නිදහස් ඉල්ලා විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය 5 වන දිනටත්

0
15

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස ඉල්මමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (ඔක්තෝබර් 20) පස්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

පසුගිය 16 වන දින පස්වරුවේ විහාරමහා දේවි උද්‍යානය වෙත වැඩම කළ ස්වාමීන් වහන්සේලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, එහිදී තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සමඟ යම් උණුසුම් තත්ත්වයක්ද හටගත්තේය. පූජ්‍ය ඥානසාර හිමියන්ට නිදහස ලැබෙන තෙක් මෙම ස්ථානයෙන් කිසිසේත්ම ඉවත් නොවන බව සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේලා දැඩිව ප්‍රකාශ කර සිටිති.

මීට පෙර, පසුගිය 16 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි උන්වහන්සේලා අනතුරුව බුද්ධශාසන අමාත්‍යාංශය වෙත වැඩම කර, එහි ලේකම්වරයා සමඟ සාකච්ඡාවකද නිරත වූහ. එහෙත් එම සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්, තම ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලැබෙන තුරු විහාරමහා දේවි උද්‍යානයේ රැඳී සිටීමට උන්වහන්සේලා තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here