දිවයිනේ ප්රදේශ කිහිපයකට ප්රබල අකුණු ඇති වීම පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (ඔක්තෝබර් 20) පෙරවරු 11:30 ට නිකුත් කර ඇති මෙම නිවේදනය, හෙට (21) අලුයම 1:30 දක්වා කාලය තුළ වලංගු වේ.
ඒ අනුව, මධ්යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්රික්කයේ පදිංචි ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. අදාළ ප්රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින අතර, එහිදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අකුණු සහ ගිගුරුම් සහිත වැසි නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

