අද (16) දිනයේ බස්නාහිර, දකුණු, මධ්යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට අනුව, දිවයිනේ සෙසු ප්රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, පොළොන්නරුව සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇති විය හැකි ප්රබල සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, දිවයින වටා වන මුහුදු ප්රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළං නිරිත දෙසින් හෝ විවිධ දිශාවලින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 ත් අතර වේ. පුත්තලම සහ කන්කසන්තුරය හරහා මීගමුවේ සිට මුලතිව් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක.
පුත්තලම සහ කන්කසන්තුරය හරහා මීගමුවේ සිට මුලතිව් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර් 60-70 දක්වා තාවකාලිකව ප්රබල සුළං ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැක.

