ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට පාකිස්තාන භාණ්ඩ පැටවූ ජාවාරමක් හෙළි වෙයි. සිව්දෙනෙක් අත්අඩංගුවට

0
24

පාකිස්තානයේ සිට ඉන්දියාවට භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර තිබියදී, ශ්‍රී ලංකාව හරහා ව්‍යාජ වෙළෙඳ ලියකියවිලි යොදාගනිමින් සිදුකළ මහා පරිමාණ ජාවාරමක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DRI) විසින් අනාවරණය කරගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.

පකිස්තානයට අයත් ලුණු ඇතුළු ඛණිජ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් ලක්ෂ 73කට (ටොන් 7,300කට) අධික ප්‍රමාණයක් මෙලෙස ව්‍යාජ ලේඛන මගින් ඉන්දියාවට ගෙන්වා ඇත.

මෙලෙස නීති විරෝධී ලෙස ආනයනය කරන ලද භාණ්ඩ තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 30කට අධික බව සඳහන් වේ.

පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝබර් 11 වනදා දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම ජාවාරම අනාවරණය වී ඇත.

පසුගිය මාර්තු මාසයේ සිට ආනයනකරුවන් 9 දෙනෙකු විසින් බහලුම් (Containers) 295ක් මාර්ගයෙන් ඉන්දියාවේ මුන්ද්‍රා සහ කන්ඩිලා වරායන් වෙත මෙම භාණ්ඩ ගෙන්වා තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) පිහිටි ආයතනයක් මගින් කොළඹ වරාය හරහා මෙම භාණ්ඩ තොගය ඉන්දියාව වෙත ප්‍රතිඅපනයනය කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here