දිස්ත්‍රික්ක රැසකට වැසි සහ තද සුළං තත්ත්වයක්.

0
17

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වීමට නියමිත අඩු පීඩන කලාපයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අද (13) දින අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බැවින්, දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි වේ. මේ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට.දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට.සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

අවවාදයයි: ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳ නිරන්තරයෙන් දැනුවත්ව සිටින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here