ලෝක ළමා දිනය වෙනුවෙන් තැන්නේයාය ප්‍රාථමිකයේ දූ දරුවන්ට අමතක නොවන ගුවන් සවාරියක්!

0
21

මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල, බඩල්කුඹුර තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් “Dreams Take Flight” නමින් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කර තිබුණි.

පසුගිය ඔක්තෝබර් 09 සහ 10 යන දෙදින පුරා පැවැති මෙම සංචාරයේදී දරුවන්ට විඳගැනීමට ලැබුණු විශේෂ අත්දැකීම් කිහිපයක්:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයකින් කොළඹ සහ කළුතර ආශ්‍රිත අහස් කුස පුරා පියාසර කිරීමේ අමතක නොවන අවස්ථාව දරුවන්ට හිමි විය.

දෙමහල් බස් රථයකින් කොළඹ නගරයේ සංචාරය කරමින් කොළඹ වරාය නගරය (Port City Colombo) සහ නෙළුම් කුළුණ ඇතුළු ප්‍රධාන ස්ථාන නැරඹීමට අවස්ථාව ලැබුණි.

‘Excel World’ විනෝද උද්‍යානයේදී සතුටින් කාලය ගත කිරීමට මෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා මෙහෙයුම් සමීපව නිරීක්ෂණය කිරීමටද දූ දරුවන්ට හැකි විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ අනුමැතිය ඇතිව, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ පූර්ණ මෙහෙයවීමෙන් මෙය සාර්ථකව සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here