බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු, උතුරු මැද සහ දකුණු පළාත් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (08) පෙ.ව. 11.00 ට නිකුත් කරනු ලැබූ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය හෙට (09) පෙ.ව. 01.00 දක්වා වලංගු වන අතර, ඒ අනුව එම පළාත්වල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

