අඟහරු මතුපිට අසිරිමත් උදෑසන දසුනක් ග්‍රහණය කරගත් ඡායාරූපයක් නාසා ආයතනය විසින් නිකුත් කර ඇති අතර, 2012 වසරේ සිට ගේල් ආවාටයට ගොඩබැස මවුන්ට් ෂාප් කන්ද තරණය කරන ‘කියුරියෝසිටි’ රෝවරය මඟින් ලබාගත් මෙම ඡායාරූපයෙන් දිස් වන්නේ මීට බිලියන ගණනකට පෙර හැඩගැසුණු රළු පර්වත මතට හිරු එළිය වැටෙන ආකාරයයි.
අතීතයේ සුළඟින් ගෙන එන ලද අවසාදිත මඟින් නිර්මාණය වී පසුව ‘යාර්ඩං’ නම් රිජ් හැඩැති කොටස් ලෙස කැඩී ගිය මෙම වෙනස්ම පර්වත තට්ටුව මවුන්ට් ෂාප් කන්දේ වයඹ දිග ප්‍රදේශය හරහා සැතපුම් 10ක් පුරා පැතිරී ඇති අතර, කියුරියෝසිටි රෝවරය 2027 හෝ 2028 වන විට එම ස්ථරය වෙත ළඟා වනු ඇතැයි නාසා ආයතනය අපේක්ෂා කරයි.
අඟහරු ග්‍රහයා අතීතයේදී වත්මන් ශීතල ස්වභාවයට වඩා උණුසුම් සහ ජලය තිබූ ප්‍රදේශයක් බව මෙයින් හෙළි වන බව නාසා ප්‍රධාන විද්‍යාඥ අශ්වින් වසවාඩා මහතා පවසන අතර, පෘථිවියට සමාන පෙනුමක් තිබුණද මෙහි තැඹිලි පාට අහසක් යටතේ හිරු උදාව නිල් පැහැති සෙවනැලි ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

