ඉස්ලාම් දහමට අපහාස කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබූ නඩුවට අද (30) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා වරෙන්තු නිකුත් කර තිබේ.
මීට අමතරව, ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසු හිමිව තිබූ සිර දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ මෝසමකට අදාළව ඊයේ (29) අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයටද උන්වහන්සේ පෙනී නොසිටි බැවින් අභියාචනාධිකරණය විසින්ද වරෙන්තු නිකුත් කර ඇත.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කර හෙට (01) දින විත්තිකාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

