වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියම විනාශ කිරීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
විපක්ෂ නායක කාර්යාලයේදී සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි තීරණාත්මක කරුණුවලදී විවෘත සංවාදයක් හෝ පොදු එකඟතාවක් ලබාගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන සෛරීත්වය සුරැකීම වෙනුවෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට නායකත්වය දීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, විධායකයේ වගවීම තහවුරු කිරීමට රට පුරා “ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප” පිහිටුවීමටත්, සමගි නීතිඥ සම්මේලනය හරහා නොමිලේ ජංගම නීති සායන පැවැත්වීමටත් යෝජනා කළේය.

