කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට සමගාමීව චීනයේ විරු අනුස්මරණ උත්සවය පැවැත්වෙයි

0
10

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සහ ඓතිහාසික දිගු පා ගමනේ (Long March) ජයග්‍රහණයට වසර 90ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ මහජන විරු පුෂ්පෝපහාර උත්සවය අද (30) බෙයිජිං නුවර ටියන්අන්මෙන් (Tian’anmen) චතුරශ්‍රයේදී පැවැත්විණි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

සැප්තැම්බර් 30 වන දිනට යෙදෙන චීනයේ ජාතික විරු අනුස්මරණ දිනය ද මීට සමගාමීව සිහිපත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here