ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 7 වැනි ස්ථානයට

0
12

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට 7 වැනි ස්ථානය හිමිව තිබේ.

එහිදී මිනිත්තු 3 තත්පර 34.09ක කාලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර, මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව සමත් විය.

මීට අමතරව රිදී පදක්කම බහරේනයටත්, ලෝකඩ පදක්කම සත්කාරක චීනයටත් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here