ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ

0
26

ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන්, එම ගංගා සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මහවැලි ගඟ, කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, නිල්වලා ගඟ සහ ගිං ගඟ යන ගංගාවලට බලපැවැත්වුණු ගංවතුර අනතුරු ඇඟවීම් මෙලෙස ඉවත් කර ඇත.

දිවයින පුරා වර්ෂාපතනය සහ ගංගාවල ජල මට්ටම් පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර, යම් හෙයකින් නැවත ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් පූර්ව දැනුම්දීම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here