ලෝක හදවත් දිනය අදට (29) යෙදී ඇති අතර, හෘද රෝග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ නිරෝගී ජීවන රටාවක් ඔස්සේ හෘදයාබාධ වළක්වා ගැනීම අරමුණු කරගනිමින් ලෝක හෘද සම්මේලනය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබයි.
ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවකට වගකියන ප්‍රධානතම රෝගී තත්ත්වයක් ලෙස හෘද රෝග හඳුනාගෙන ඇති අතර, මෙවර එහි තේමාව වන්නේ “Don’t Miss a Beat” යන්නයි.
හෘද රෝගවල පූර්ව ලක්ෂණ හඳුනාගෙන නොසලකා නොහැරීම මෙන්ම හදවතේ නිරෝගීබව රැකගැනීමට කාලෝචිත ලෙස ක්‍රියාකිරීමේ වැදගත්කම මෙම තේමාව ඔස්සේ විශේෂයෙන් අවධාරණය කෙරේ.

