නෙතන්යාහුගේ හදිසි රහස් එමීර් සංචාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නිල වශයෙන් තහවුරු කරයි

0
31

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සති අන්තයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හදිසි රහස් සංචාරයක නිරත වෙමින් එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සායිද් අල් නහ්යාන් හමුවූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඊශ්‍රායල මාධ්‍ය මඟින් ප්‍රමුඛව වාර්තා කළ මෙම සංචාරය පිළිබඳව එමීර් රාජ්‍යයේ නිල පුවත් සේවය ඊයේ (28) රාත්‍රියේ සනාථ කර සිටියේය.

ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ඊශ්‍රායල මහ මැතිවරණයට මසක පමණ කාලයක් ඉතිරිව තිබියදී මෙම හදිසි ඉහළ පෙළේ රහස් හමුව සිදුවීම ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here