ජනාධිපති සමාව අහෝසි කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකළ මෝසම අද (29) මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර, උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මෝසම අධ්‍යයනය කිරීමට කල් ලබාදෙන ලෙස උන්වහන්සේගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මෙය අපරාධ නඩුවක් බැවින් විත්තිකරු නොපැමිණීම මත වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා ඉල්ලා සිටි අතර, මෝසම පිළිබඳ කරුණු දැක්වීමට කාලය ලබාදෙමින් නඩුව ස්වල්ප වේලාවකට කල් තැබීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.

