අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ (Krrish) ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩුවේ 04 වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇති අතර, ඊට අදාළ නඩු විභාගය සඳහා මන්ත්‍රීවරයාව මෙලෙස අධිකරණය වෙත කැඳවාගෙන එනු ලැබීය.

