අලුතින් මාර්ග 5කට මෙට්‍රෝ බස් 104ක් හෙට සිට

0
9

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස සහ මහජනතාවට පහසු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් හෙට (29) සිට ධාවනයට එක්කිරීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම සේවාව යටතේ, දැනට ක්‍රියාත්මක වන මාර්ග 2ට අමතරව තවත් නව මාර්ග 5ක් ඔස්සේ බස් රථ ධාවනය කෙරෙන අතර එමඟින් කොළඹ ප්‍රධාන මාර්ග 7ක් ආවරණය කෙරේ.

විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන මෙම මෙට්‍රෝ බස් සේවාව, ලබන වසරේ සිට යාපනය, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව මෙට්‍රෝ බස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here