ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග

0
5

දරුවෙකු පීතෲත්වය ප්‍රතික්ෂේප කිරීමට අදාළ නඩත්තු නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.

සැප්තැම්බර් 28 වන දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී චාමික කරුණාරත්න පෙනී නොසිටීම හේතුවෙන්, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.

කෙසේ වෙතත්, 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චාමික කරුණාරත්න මේ වන විට ජාතික රාජකාරි සඳහා ජපානයේ රැඳී සිටියි.

ඔහු ජාතික රාජකාරි සඳහා විදේශගතව සිටින බව නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට නිසි පරිදි දැනුම් දී නොමැති අතර, ඒ හේතුවෙන් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම මත මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙම නඩු කටයුත්ත අදාළ දරුවා සඳහා වන නඩත්තු ගාස්තු ඉල්ලීමකට සම්බන්ධ වන අතර, තමා එම දරුවාගේ පියා බව චාමික කරුණාරත්න මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here