අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ජෝර්ජ් ජෙරල්ඩෝ කාඩ්රි (Jorge Geraldo Kadri) මහතා අතර විශේෂ හමුවක් අද (28) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ව්‍යාපාරික හා අපනයන කටයුතු ශක්තිමත් කිරීම මෙන්ම යහපාලනය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම, මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන සහ ක්‍රියාත්මක කෙරෙන නව නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අමාත්‍යවරයා විසින් බ්‍රසීල තානාපතිවරයාව දැනුවත් කරනු ලැබීය.

