දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක ජීවත්වන පවුල් 458ක පුද්ගලයින් 1,616 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
පසුගිය 18 වනදා සිට අද (22) උදෑසන 6.00 දක්වා වාර්තා වූ ආපදා තත්ත්වයන්ගෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇති අතර, ඊයේ රාත්‍රියේ හමාගිය තද සුළඟින් ගලහිටියාව උතුර ප්‍රදේශයේ නිවාස 5කට සහ විදුලි රැහැන් පද්ධතියට දැඩි හානි සිදු වී තිබේ.
පීඩාවට පත් පවුල් 26ක පුද්ගලයින් 94 දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

