සෞදියේ මරණ දඬුවම නියම වූ අනුජන් බේරාගන්න සර්වපාක්ෂික නියෝජිත පිරිසක් සෞදියට

0
8

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනුජන් සිවරාසා බේරාගැනීම සඳහා ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යන මෙම දූත පිරිස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීම් ලිපියක් සෞදි රජතුමා වෙත භාරදීමට නියමිතව තිබේ.

අදාළ නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික පියවරයන් පිළිබඳව සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වන අතර, වින්දිතයා වෙනුවෙන් යන සියලු නෛතික වියදම් දැරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here