දිවයිනේ ප්‍රදේශ රැසකින් මත්ස්‍ය තොග වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබීම හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා පවසයි.
ඒ අනුව, අද (18) දිනයේ ලින්නා කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා පහළ බැස ඇති අතර, බලයා කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

