ඉරානයට යළි සම්බාධක පැනවීමේ එක්සත් ජාතීන්ගේ යෝජනාවට චීනයෙන් විරෝධය

0
7

ඉරානයට යළි සම්බාධක පැනවීම සහ ඉරාන සම්බාධක කමිටුවේ විශේෂඥ මණ්ඩලයේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ කෙටුම්පත් යෝජනාවට චීනය සිය විරෝධය පළ කර තිබේ.

ඊයේ (17) පැවැති ඡන්ද විමසීමේදී චීනය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත්, ඉරාන න්‍යෂ්ටික ගැටලුව දේශපාලනික සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සහ මැදපෙරදිග ස්ථාවරත්වය සුරැකීම සිය අරමුණ බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ චොං (Fu Cong) මහතා පැවසීය.

මේ අතර, සිරියාවේ දේශපාලන හා මානුෂවාදී තත්ත්වය පිළිබඳ පැවැති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඒ මහතා, සිරියානු ජනතාවට සාමකාමී ජීවිතයක් ගත කිරීමේ අයිතිය ඇති බවත්, ඔවුන් වෙනුවෙන් සපයන මානුෂීය සහනාධාර කපා නොහැර හදිසි අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here