හෝමූස් සමුද්‍ර සන්ධියට හමුදා යෙදවීම දකුණු කොරියානු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි.

0
8

හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව හටගෙන ඇති යුධමය තත්ත්වය සඳහා තම රටේ සටන් හමුදා (combat troops) යෙදවීම දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් (Lee Jae Myung) විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

සෝල් අගනුවරදී මාධ්‍ය ඇමතූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, කිසිදු අයුරකින් යුද්ධයකට මැදිහත්වන හෝ පාර්ශවකරුවෙකු වන අන්දමින් හමුදා හෝ ආරක්ෂක උපකරණ යෙදවීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, කලාපය තුළ සිටින දකුණු කොරියානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වෙළඳ නෞකා සහ බොරතෙල් ප්‍රවාහන මාර්ග ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය “අවම මට්ටමේ ක්‍රියාකාරකම්” පමණක් සිදුකිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අනෙකුත් රටවල් මෙන්ම තම රටේ ආරක්ෂාව සහ ජාතික අභිලාෂයන් සුරැකීම වෙනුවෙන් දැනටමත් සේවයේ යොදවා ඇති ආරක්ෂක ඒකකවල මෙහෙයුම් ශක්තිමත් කිරීමට පමණක් රජයේ අවධානය යොමුවී ඇති බව දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here