විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවක්කුලම නෙළුම් වැව පරිශ්‍රයේ කුඹුක් ගස් ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා හරහා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙය හිතාමතා කළ පරිසර සංහාරයක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට අනාවරණය වුවහොත් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා උපරිම නීතිමය දඬුවම් පමුණුවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයේ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයක් පැවැත්වීමට වාරිමාර්ග, වන සංරක්ෂණ, වනජීවී දෙපාර්තමේන්තු මෙන්ම ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂක අංශ අද (18) පියවර ගෙන ඇත.

