එංගලන්තයට හමුවේ ශ්‍රී ලංකාවට දෙවැනි T20 තරගයෙන්ද කඩුලු 6ක පරාජයක්

0
9

එංගලන්තයේ කාඩිෆ් හිදී පැවැති දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වීමත් සමඟ, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔවුන් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව තරගයට අවතීර්ණ වූ අතර, පැතුම් නිස්සංකගේ ලකුණු 37 සහ වනිඳු හසරංගගේ ලකුණු 27 හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 145ක් රැස් කළේය.

ලියාම් ඩෝසන් ලකුණු 32කට කඩුලු 3ක් දවාගනිමින් දක්වන ලද විශිෂ්ට පන්දු යැවීම හමුවේ, ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය එංගලන්ත පිල පන්දුවාර 12.1කදී කඩුලු 4ක් පමණක් දැවී පහසුවෙන්ම ජයග්‍රහණය කරා ළඟා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here