බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට ඉදිරි අයවැයේදී අවධානය

0
11

දුම්බර සහ පල්ලේකැලේ බන්ධනාගාර මූලික කරගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවකදී, බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීමට ඉදිරි අයවැයේදී අවධානය යොමු කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි නිලධාරීන්ට දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත්, මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ ඥාතීන්ට වන්දි ලබාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම බන්ධනාගාර තදබදය අවම කිරීමට රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වැළැක්වීමේ වැඩපිළිවෙළක් ලබන වසරේ ජනවාරි 31 වන විට සකස් කරන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු සහනයක් නොදෙන අතරම මත්ද්‍රව්‍ය ඉල්ලුම පාලනයට සමාජයේ සහාය අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here