ඊශ්‍රායලයට ඩොලර් බිලියන 2.8ක බෝම්බ දීමේ යෝජනාවට ඇමෙරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රී ග්‍රෙගරි මීක්ස්ගේ විරෝධය

0
11

ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුත් බෝම්බ අලෙවි කිරීමේ යෝජනාවට සහාය නොදක්වන බව ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ ප්‍රධාන ඩිමොක්‍රටික් සාමාජික ග්‍රෙගරි මීක්ස් (Gregory Meeks) ප්‍රකාශ කර තිබේ.

කිලෝග්‍රෑම් 900ක් පමණ බරැති MK-84 සහ BLU-117 වර්ගයේ බෝම්බ 40,000ක් ඊශ්‍රායලයට ලබාදීම මඟින් ගාසා තීරය සහ ලෙබනනය වැනි ජනාකීර්ණ ප්‍රදේශවලට සිදුවිය හැකි හානිය මෙන්ම, එම ආයුධ ජාත්‍යන්තර නීතියට අනුකූලව භාවිත කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ලැබී නොමැති බව ඔහු පෙන්වා දෙයි.

2024 දී එවකට ජනාධිපති ජෝ බයිඩන් විසින් තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම ආයුධ හුවමාරුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළි ආරම්භ කර ඇති අතර, මන්ත්‍රී මීක්ස්ගේ විරෝධය හමුවේ වුවද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ගනුදෙනුව ඉදිරියට ගෙනයාමේ බලතල ජනාධිපතිවරයා සතුව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here