දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයටත් ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
අද (16) පෙ.ව. 10.30 සිට රාත්‍රී 11.30 දක්වා වලංගු වන මෙම නිවේදනය මගින් අකුණු අනතුරු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී ඇත.

