තමා ජනාධිපතිධුරය දැරූ සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කළ ආකාරය පිළිබඳව පොතක් රචනා කරමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අද (16) උදෑසන කොළඹ මල් පාරේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට ගොස් පැමිණි තමන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතු අනෙක් අයට පවරා ඇති බැවින් දැඩි ලෙස කාර්යබහුල නොවන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
කෙසේ වෙතත්, ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික තත්ත්වය පිළිබඳව තවදුරටත් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

