ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාර රැසක හිමිකාරිත්වය දරන ශ්‍රී ලාංකික බිලියනපති ව්‍යාපාරික ආචාර්ය රොෂ් ජලග්ගේ (Dr. Rosh Jalagge) මහතා, තමාට හිමි Gulfstream G-V වර්ගයේ පෞද්ගලික දිගුදුර ජෙට් ගුවන් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙලෙස පෞද්ගලික දිගුදුර ජෙට් යානයක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා වන ඔහු, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
කිලෝමීටර් 12,000ක දුරක් නොනවත්වා පියාසර කිරීමේ හැකියාව ඇති මෙම ගුවන් යානය හා සැසඳීමේදී, 1980 දශකයේදී උපාලි විජේවර්ධන මහතා විසින් මිලදී ගත් ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික ගුවන් යානය වූ Learjet 35A යානයට පියාසර කළ හැකි වූයේ කිලෝමීටර් 4,000ක පමණ දුරකි.

