දිවයින පුරා පළාත් පාලන සතිය අද සිට ඇරඹේ

0
13

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල කේන්ද්‍ර කරගනිමින් දිවයින පුරා පළාත් පාලන සතිය අද (14) සිට සැප්තැම්බර් 19 වනදා දක්වා දින 6ක් පුරා ක්‍රියාත්මක වන බව නිවේදනය කර ඇත.

සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහන යටතේ, පළමු දිනය වන අද ජංගම සේවා මගින් ජනතාව වෙතටම ගොස් සේවාවන් ඉටුකර දීම සිදුවන අතර, සැප්තැම්බර් 15 වනදා ප්‍රාදේශීය යටිතල පහසුකම් නඩත්තු කිරීම ද, 16 වනදා “හෙටට පැලයක් සහ රුක් රෝපණ” වැඩසටහන් ඇතුළත් පරිසර සංරක්ෂණ දින ලෙස ද පැවැත්වේ.

තවද, සැප්තැම්බර් 17 වනදා ඉදිරි වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු අවදානම පාලනය සඳහා වන සෞඛ්‍ය හා ඩෙංගු මර්දන දිනය ලෙසත්, 18 වනදා ළමුන් සහ තරුණයින් උදෙසා වන සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනය ලෙසත්, අවසන් දිනය වන සැප්තැම්බර් 19 වනදා විශිෂ්ට සේවාවක් කළ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජා සංවිධාන ඇගයීමේ උත්සව මෙන්ම සහනාධාර පිරිනැමීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here