වියළි කාලගුණය නිසා දියලුම දියඇල්ලේ ජල ධාරිතාව දැඩි ලෙස පහළට. සංචාරකයින්ගේ පැමිණීමත් අඩුවෙයි

0
12

පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙවනුවට උසම දියඇල්ල වන කොස්ලන්ද දියලුම දියඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව වාර්තා වේ.

දියඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස ගණනාවකින් ප්‍රමාණවත් වැසි නොලැබීම මීට ප්‍රධාන හේතුව වී ඇති අතර, මෙලෙස ජල ප්‍රමාණය දැඩි ලෙස අඩුවී ඇත්තේ වසර ගණනාවකට පසුව බව ප්‍රදේශවාසීහු පවසති.

ජල ධාරිතාව මෙසේ ක්ෂය වීමත් සමඟ දියඇල්ල නැරඹීමට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේද පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here