යෝෂිත සහ රෝහිත රාජපක්ෂට එරෙහි අක්කර 135ක තේ වතු චෝදනාව ගැන විමර්ශනයක්

0
7

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් විසින් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු මාර්ගයෙන් අක්කර 135ක තේ වත්තක් අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇත.

මෙම විමර්ශනය ආරම්භ කරනු ලබන්නේ ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් පසුගිය අගෝස්තු 20 වැනිදා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුවය.

අදාළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට තීරණය කළ බව එම විමර්ශන කොට්ඨාසය විසින් පැමිණිලිකරු වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

එමෙන්ම, පැමිණිල්ලේ සඳහන් කරුණු සනාථ කිරීම සඳහා අදාළ සියලු ලේඛනගත සාක්ෂි සමඟ ප්‍රකාශයක් ලබා දීමට සැප්තැම්බර් 14 වැනිදා පෙරවරු 9:00 ට පොලිස් මූලස්ථානය හමුවේ පෙනී සිටින ලෙසද පැමිණිලිකරුට උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here