ඕස්ට්‍රේලියාව ඉක්මනින්ම සමාජ මාධ්‍ය ඇල්ගොරිතම අන්තර්ගතය පාලනය කරනු ඇත.

0
6
Close up shot, group of children hands busy using smartphone at school corridor - concept of social media, playing games, technology and education.

සමාජ මාධ්‍ය ජාල තුළ තමන්ට පෙනෙන අන්තර්ගතයන් (Content) පාලනය කිරීමට පරිශීලකයින්ට වැඩි බලයක් ලබාදෙන නව පනතක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියානු රජය යෝජනා කර ඇත.

මෙම යෝජිත නීතිය යටතේ, තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල අන්තර්ගතයන් ඇල්ගොරිතම (Recommendation algorithms) මගින් තීරණය කරනවාද, නැතහොත් තමන් ෆලෝ (Follow) කරන ගිණුම්වල සටහන් පමණක් පෙන්වනවාද යන්න තීරණය කිරීමේ අයිතිය ඕස්ට්‍රේලියානු ජනතාවට හිමිවේ.

ඒ අනුව ටික්ටොක් (TikTok), ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) වැනි සමාජ මාධ්‍ය සමාගම් විසින්, ඇල්ගොරිතම මගින් නිර්දේශ කරන වීඩියෝ සහ පෝස්ට් ලබාගන්නේද නැද්ද යන්න තෝරාගැනීමට පරිශීලකයින් වෙත දැනුම්දීමක් (Notification) යොමු කළ යුතු වේ.

මෙම යෝජිත පියවරයන් “ඩිජිටල් සුරක්ෂිතතා වගකීම්” (Digital Duty of Care) නීති මාලාවේ කොටසක් වන අතර, එමගින් සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ප්‍රධාන තාක්ෂණික සමාගම් වෙත වැඩි වගකීමක් පැවරේ. මෙම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන සමාගම් වෙත ඩොලර් මිලියන 100 ඉක්මවන දඩ මුදල් පැනවීමටද යෝජනා කර ඇත.

ළමුන් සම්බන්ධයෙන් ගත් කල, සයිබර් හිංසනය (Cyberbullying), අසැබි දර්ශන නැරඹීමට සිදුවීම, කාන්තා විරෝධී මතවාද සහ ආහාර ගැනීමේ ආබාධ (Eating disorders) වැනි අවදානම් අවම කිරීම මෙමගින් බලාපොරොත්තු වේ. වැඩිහිටියන් සඳහා අපරාධ, ප්‍රචණ්ඩත්වය සහ තර්ජන පිළිබඳ අවධානය යොමු කෙරේ.

අඟහරුවාදා මහජන අදහස් විමසීම සඳහා නිකුත් කරන ලද මෙම කෙටුම්පත මගින්, ඇල්ගොරිතම මගින් පාලනය වන පෝස්ට් වෙනුවට තමන් ෆලෝ කරන ගිණුම්වල පෝස්ට් සහ වීඩියෝ පමණක් ලබාගැනීමේ හැකියාව ජනතාවට සලසා දීමට සමාගම්වලට බලකෙරේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි අල්බානීස් (Anthony Albanese) ප්‍රකාශ කළේ, මෙම යෝජිත ප්‍රතිසංස්කරණ මගින් තාක්ෂණය තම සබැඳි ජීවිතයට බලපාන ආකාරය පාලනය කිරීමට ජනතාවට වැඩි බලයක් ලැබෙන බවයි.

“තාක්ෂණය අපගේ ජීවිත හැඩගස්වන ආකාරය වෙනස් කිරීමට අපට හොඳ අවස්ථාවක් තිබෙනවා…” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here