හදිසි ගංවතුර සහ ආපදා තත්ත්වයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත් නේපාල ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක මානුෂීය ආධාර පිරිනැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
විපතට පත් ජනතාව වෙත මෙම සහනාධාර කඩිනමින් හා කාර්යක්ෂමව ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව හරහා අදාළ මුදල් හා ආධාර බෙදා හැරීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොං මහත්මිය නිල වශයෙන් තහවුරු කර තිබේ.

