කැනඩාව සමඟ පැවැති වෙළෙඳ සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ එරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක නව තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
මෙම දැඩි තීරණයට පසුව, දෙරට සීමා මායිම් අතර පිහිටි ප්‍රධාන මහා විල් පහෙන් එකක් වන ‘ඔන්ටාරියෝ විල’ (Lake Ontario) ‘අමෙරිකා විල’ (Lake America) ලෙස නිල වශයෙන් නැවත නම් කිරීමේ නියෝගයකට ද ජනාධිපතිවරයා අත්සන් තබා ඇත.
දෙරට අතර හටගෙන ඇති මෙම උණුසුම් වෙළෙඳ ගැටුම අතරතුර ඔන්ටාරියෝ විලෙහි නම වෙනස් කරන බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මක ප්‍රකාශ සිදුකර තිබිණි.

