වියට්නාමයේ Vietjet ගුවන් සේවයෙන් කොළඹට සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

0
3

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, වියට්නාමයේ හෝ චී මින් (Ho Chi Minh) නගරයේ සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත Vietjet ගුවන් සේවයේ ප්‍රථම සෘජු ගුවන් යානය ළඟා විය.

එයාර් බස් 320 වර්ගයේ මෙම සමාරම්භක ගුවන් යානයෙන් මගීන් 169 දෙනෙකු දිවයිනට පැමිණි අතර, නැවත හෝ චී මින් නගරය බලා පිටත්වූ යානයේ මගීන් 171 දෙනෙකු ගමන් කළහ.

මෙම විශේෂ ගුවන් යානයෙන් පැමිණි මගීන් සහ කාර්ය මණ්ඩලය පිළිගැනීමේ උත්සවයට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනී ට්‍රින් තී ටම් (Trinh Thi Tam) මහත්මිය සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා මහතා ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව තුළ Vietjet ගුවන් සමාගමේ මගී සේවා කටයුතු ඇන්ඩෘ ද ඒවියේෂන් (Andrew The Aviation) පුද්ගලික සමාගම මඟින් මෙහෙයවනු ලබන අතර, සතියේ සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවලදී කොළඹ සහ හෝ චී මින් නගරය අතර මෙම සෘජු ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here