මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සැලසුම්

0
3

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවූ බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට සාක්ෂි ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සාමාන්‍ය පරිපාලන නීතිරීතිවලට පටහැනිව ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇත.

අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව හෙට දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන්නේද යන්න පිළිබඳව අවසන් නිගමනයකට පැමිණෙන බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here