කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

0
7

දිවයින වටා වන ඇතැම් මුහුදු තීරයන්හි තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ඉදිරි පැය කිහිපය සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ මෙන්ම කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 සිට 60 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බැවින්, මුහුදු යන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

මේ අතර හෙට (15) දිනයේ කාලගුණ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන අතර, මොණරාගල, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ පූර්ව ලක්ෂණ පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here