නිරිතදිග ප්‍රංශයේ ව්‍යාප්ත වෙමින් පවතින උග්‍ර ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 1,100ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අනතුරේ දැඩි බව හමුවේ අදාළ අවදානම් කලාපවල සිටි පුද්ගලයින් 525 දෙනෙකු පමණ වහාම ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න පාලනය කරගැනීම සඳහා ගිනි නිවන භටයින් 500 ආසන්න සංඛ්‍යාවක් අඛණ්ඩව මෙහෙයුම්වල නිරත වන අතර, රට පුරා පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රංශයේ කලාප 75ක් සඳහාම ලැව්ගිනි පිළිබඳ විශේෂ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ අතර, බටහිර ජර්මනියේ ද ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් ජනජීවිතයට එල්ල වී ඇති තර්ජනය හමුවේ ප්‍රදේශවාසීන් 2,000කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර වඩාත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ජර්මානු බලධාරීන් කටයුතු කර තිබේ.

