නව අගවිනිසුරුවරිය අද දිවුරුම් දීමට සූදානම්

0
55
NEWSNOW | –  මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්’දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතය.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය.
ඒ අනුව මුර්’දු ප්‍රනාන්දු මහත්මිය මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස ඉතිහාසයට එක් වේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්’දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කෙරුණි.
1985 වසරේදී නීතිපති දෙපාර්’තමේන්තුවට එක්වු ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත් උසස්වීම් ලබා තිබේ.
2018 වසරේ මාර්’තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වු ඇය 2024 වසරේ ඔක්තෝබර් 10 වන දා වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබීය.