අධික වර්’ෂාවෙන් හානිවූ මාර්’ග කඩිනමින් පිළිසකර කිරීමට අවධානය

0
51

NEWSNOW | – පැවති අධික වර්’ෂාව හේතුවෙන් හානි වු මාර්’ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්’ග සංවර්’ධන අධිකාරිය පවසයි.

අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් දිවයිනේ මාර්’ග සහ පාලම් රැසක් හානි සිදුවී ඇති බව එම අධිකාරිය පැවසුවේය.

හානියටපත් එම මාර්’ග පිළිබඳව තොරතුරු රැස්කර ඒවා කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාර්’ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී . සූරියබණ්ඩාර මහතා පැවසීය.

පසුගියදා හානියට පත්ව ගමනාගමනය නවතා තිබු මනම්පිටිය – අරලගංවිල මාර්’ගය ද ඉතාමත් කෙටිකාලයක් තුළ යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.